නව රේගු ආරක්ෂකයින් හට යුද හමුදා පුහුණු සහය
29th July 2016
රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යුද හමුදාපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව රේගුව සඳහා බදවා ගන්නා ලද ආරක්ෂක නිලධාරීන් 97 දෙනෙකු සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයෙහි අධීක්ෂණයෙන් අම්පකාමම් පුහුණු පාසලෙහි දී සති 5 ක මූලික පුහුණූවක් ලබා දෙන ලදී. මීට අමතරව මෙම පුහුණු වැඩමුළුවේ දී යුද හමුදාව, පොලිසිය සහ අනෙකුත් සම්පත් දායකයින් විසින් ඔවුන් හට ජුනි මස 18 සිට ජුලි මස 26 දින දක්වා කාලය තුළ ප්‍රායෝගික පුහුණු සහ දේශණ පවත්වනු ලැබීය. මෙම විසිර යාමේ පෙළපාලිය බ්‍රහස්පතින්දා (26) දින කිළිනොච්චි පිහිටි අම්පකාමම් පුහුණු පාසලේදී පැවැත් වූ අතර, එහිදී කාන්තා ආරක්ෂකයින් දස දෙනෙකු ද ඇතුලුව නව රේගු ආරක්ෂකයින් විසිර යනු ලැබීය. මෙම අවස්ථාව සඳහා රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඩබ්ලිව්.ඒ චූලානන්ද පෙරේරා, කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ප්‍රධාන ආරාදිතයින් ලෙස සහභාගි වූ අතර, 57 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ වී.ඒ සුදසිංහ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්.එම්.පීජේ රත්නායක, බලසේනාධිපතවරුන්, අණදෙන නිලධාරීවරුන්, පුහුණුව ලැබූවන්ගේ පවුලේ ඥාතීන් සහ රේගු නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම උත්සවය සඳහා සහභාගි විය. මෙහිදී රේගු නිලධාරීන් සහ පුහුණුව ලැබූවන් විසින් යුද හමුදාව වෙත සිය කෘතඥතාවය පිරිනමනු ලැබීය.