කතරගම පූජා භූමිය අවට බැතිමතුන් විසින් බැහැර කරන ලද අපද්‍රව්‍ය ඉවත් කෙරේ

27th July 2016

කතරගම ඇසළ උත්සවයට සහභාගී වූ බැතිමතුන් විශාල පිරිසක් පොලිතින් සහ අහිතකර ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හේතුවෙන් එම ප්‍රදේශය දැඩි ලෙස අපවිත්‍රව පැවති අතර, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංක භට පිරිස් විසින් ජුලි මස 22 සහ 23 යන දිනයන්හි වැඩසිටිකන්ද විහාරස්ථානය හා අවට පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත. වැඩසිටිකන්ද විහාරස්ථානයේ විහාරාධාපති පූජ්‍ය හීල්ලේ ඥානානන්ද හිමි 122 බලසේනාධිපති හට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් යටතේ මෙම ප්‍රජා සත්කාර්ය සඳහා යුද හමුදා භට පිරිස් 20 දෙනෙකු යොදවා ඇත. මෙහිදී භට පිරිස් විසින් පොලිතීන්, ෂොපිං බෑග්, පත්තර කඩදාසි, පළතුරු බීම බෝතල්, ප්ලාස්ටික් කෑන් සහ බෝතල් මෙන්ම අනෙකුත් ඉවතලන ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් එක් රැස් කර එම ප්‍රදේශය පිරිසිදු කරනු ලැබීය. තවද නගරසභා බලධාරීන් හට එම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ද භට පිරිස් සහයෝගය දෙන ලද. එම පිරිසිදු කිරීම් අතරතුර බලසේනාධිපති ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම ප්‍රදේශයේ සංචායක ද නිරත විය.