නීති විරෝධී ලෙස කපනු ලැබූ බුරුත දැව සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

25th July 2016

3 වන කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන් මාන්කුලම් මුන්ඩුමුරිප්පු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙන අවස්ථාවෙහි නීති විරෝධී ලෙස කපනු ලැබූ බුරුත කොටන් 19 ක්, දැව කපන යන්ත්‍ර 3 ක් සහ දැව ජාවාරම් කරුවන් දෙදෙනෙකු සිකුරාදා (22) පෙරවරු 10.20 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙරද 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් විසින් පෙරියමඩු ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් විසින් කපනු ලැබූ බුරුත දැව කොටන් තුනක් සහ එක් දැව කපන යන්ත්‍රයක් සොයා ගනු ලැබීය. භට පිරිස් සොයා ගන්නා ලැබූ එම දැව සහ යන්ත්‍ර 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ මාන්කුලම් වන රක්ෂණ කාර්යාලය වෙත වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා භාර දී ඇත.