කිළනොච්චි සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදා දේ
24th July 2016
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය සහ මහනුවර පිහිටි ආබාධිත වූවන්ගේ මධ්‍යස්ථානය සමඟ එක්ව කිළිනොච්චි ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදා දීමේ වැඩසටහනක් සිකුරාදා (15) දින කිළිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී පැවැත්විය. මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතාගේ නිර්දේශය මත තෝරාගත් ආබාධිත සිවිල් වැසියන් 30 දෙනෙකු සඳහා කෘතිම පාද බෙදා දෙනු ලැබීය. කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා පූර්ණ දායකත්වය ආබාධිත වූවන්ගේ මධ්‍යස්ථානයෙහි වෛද්‍ය එස්.එස් අත්තනායකගේ මූලිකතවයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබීය. මෙම මානුෂීය ව්‍යාපෘතිය කිළිනොච්චි සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් තුසිත සිල්වාගේ ප්‍රධාන සම්බන්ධීකරණයෙන් යුතුව සිදු කරනු ලැබීය.