පෙරියමඩු ප්‍රදේශයෙන් නීති විරෝධීව කපන ලද බුරුත දැව තොගයක් සොයා ගනී

22nd July 2016

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 613 බල සේනාවෙහි 26 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් විසින් පෙරියමඩු ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් විසින් කපනු ලැබූ බුරුත දැව කොටන් තුනක් සහ එක් දැව කපන යන්ත්‍රයක් බදාදා (20) දින අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් වන රක්ෂිත තුළ නීතිවිරෝධී ලෙස දැව කැපීම සඳහා මීට පෙරද සම්බන්ධ වී ඇත. එහිදී අණදෙන නිලධාරීගේ උපදෙස් මත භට පිරිස් විසින් අත්අඩංගුවට පත් වූ සැකකරුවන්, දැව කොටන් සහ යන්ත්‍රය අඩම්පන් පොලිස් ස්ථානය සහ අඩම්පන් වන රක්ෂණ කාර්යාලය වෙත වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා භාර දී ඇත.