යාපනයේ අවතැන් වූවන් සඳහා නිවාස 100 ක් ගොඩනැගීමට යුද හමුදාව භාරගනියි

21st July 2016

රජය විසින් ගෙන යනු ලබන යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ද දින 45 ක් තුල දී නව නිවාස 100 ක් ඉදිකිරීමේ අභියෝගය භාරගෙන ඇත. වලිකාමම් උතුරු ප්‍රදේශයේ දී මෙම නිවාස ඉදිකරන අතර, අවතැන් වූවන් හට මෙම නිවාස ඉදිකිරීමෙන් පසු නැවත ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන වෙත යාමට හැකියාව ඇත. මේ සඳහා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිපාදන වෙන් කරන ලදි. මෙහි පළමු නිවස සඳහා මුල්ගල තැබිමේ උත්සවය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් කිරමලෛ ප්‍රදේශයේ දී පැවැත් වූ අතර, ඒ සඳහා යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් බී. සෙන්තිලනාදන් මහතා ද සහභාගි විය. මෙම එක් නිවසක වටිනාකම පර්චස් 20 බිම් කැබැල්ල ද සමඟ රුපියල් මිලියන 4.3 ක් බවට තක්සේරු කර ඇත. යුද හමුදා ඉංජිනේරු සෙබලුන් විසින් දින 45 ක දී මෙම ව්‍යාපෘතියේ වැඩ නිම කර දිස්ත්‍රික් ලේකම් වරයා වෙත භාරදීමෙන් අනතුරුව ඔහු විසින් අවශ්‍ය ලියකියවිලි සමඟින් නියමිත පරිදි මෙම නිවාස භාරදෙනු ලැබේ.