රණක්ෂිතයට පත් වූ විරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා ‘රණ හඩ’ තුලින් එළි දක්වයි
20th July 2016
යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන්, දේශය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත් වූ විරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය මෙන්ම සෞන්දර්යාත්මක කුසලතා වර්ධනය කිරීමේ අදිටනින් සංවිධානය කරනු ලැබූ ‘රණ හඩ’ සෞන්දර්යාත්මක ප්‍රසංගය විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව ඉරිදා (17) දින පස්වරුවේ කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රොට්රැක් සමාජයේ සිසුවියන්ගේ ජවය මෙම සෞන්දර්යාත්මක අත්දැකීම යථාර්ථයක් බවට පත් කල අතර, එම ප්‍රසංගය සඳහා රණක්ෂියට පත් වූ විරුවන් 70 දෙනෙකු පමණ සිය කලා කුසලතා ඉදිරිපත් කරනු ලැබීය. රණක්ෂිතයට පත් වූ විරුවන් හට සමාජය තුළ පිළිගැනීමක් ඇතිකරලීමේ අදිටනින් යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස මෙම ‘රණ හඩ ප්‍රසංගය හැදින්විය හැකිය. යුද හමුදාපතිතුමා විසින් රණක්ෂිතයට පත් වූ විරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් දියත් කර ඇති අතර, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම ප්‍රසංගය සඳහා සහභාගි විය. විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එන් උඩවත්ත, පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාවුකරුසු මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ භාර්යාව වන අයේෂා හේරත් මහත්මිය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහ, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් පී.එස්.ආර්.එල් රාජකරුණා, බ්‍රිගේඩියර් කේ.ජී.එච්.කේ ඇඹව, රාගම රණවිරු සෙවනෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එච් කුලතුංග, රණවිරු සම්පත් කේන්ද්‍රයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් බ්.එච්.එම් මණතුංග, පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඩබ්.එස් රාජකරුණා, මිහිදු සෙත් මැදුරෙහි සේනාවිධායක කර්නල් අයි.ජී.ආර්.ජී බෝගොඩවත්ත, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම ප්‍රසංගය සඳහා දායකත්වය ලබා දුන් අතර, එමගින් මෙම ප්‍රසංගය සාර්ථක කර ගැනීමට මහත් පිටුවහලක් ද විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාමාජිකයින් 70 දෙනෙකු පමණ මෙම රණක්ෂිතයට පත් වූ විරුවන් දෛර්යමත් කරමින් සමාජයේ අනෙකුත් අය මෙන්ම ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් දියුණු කරගැනීම සඳහා සහය ලබා දුන් අතර, එමගින් ඉදිරි අනාගතයේ සිය හැකියාවන් පවත්වාගෙන යාමට ආශිර්වාදයක් වූහ.