ආඥාපතිගේ මුලිකත්වයෙන් අත්හැරදමා තිබූ ට්‍රැක්ටර් රථ අලුත්වැඩියා කරයි
19th July 2016
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකා භට පිරිස් විසින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පාවිච්චියට නුසුදුසු තත්වයේ පවතින ට්‍රැක්ටර් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කරනු ලැබීය. මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසෙහි වැඩබලන ආඥාපති මෙන්ම බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්තගේ අධික්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. දිර්ඝ කාලයක් තිස්සේ භාවිත කරනු ලැබූ එම ට්‍රැක්ටර් රථයන්හි ගියර් පෙට්ටිය, තිරිංග පද්ධතිය, සුක්කානම පද්ධතිය හා වර්ණ ගැන්වීම් වැනි මුලික අංග පිළිබඳ මෙහිදි විශේෂ අවධානයක් යොමුකරමින් ඒවායේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කරනු ලැබේ. ඒ අනුව හානියට පත් වූ ට්‍රැක්ටර් රථ 15 ක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ධාවනය කළ හැකි තත්වයට පත් කරන ලදී. එමෙන්ම යුද හමුදාපතිගේ උපදෙස් මත 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් නිපදවනු ලැබූ විදුලි බල ආරක්ෂක උපකරණ 112 සඳහා හමුදාපති මුදල් ප්‍රතිපාදන මගින් ලැබුනු පිරිවැය මහත් පිටුවහලක් විය. මෙම විදුලි බල ආරක්ෂක උපකරණ සහ අලුත්වැඩියා කරන ලද ට්‍රැක්ටර් රථ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේනාංක සහ බලඇණි වෙත බදාදා (13) දින මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ මුලිකත්වයෙන් පැවති උත්සවයේ දී බෙදාදෙන ලදි. එම ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ, 59, 64 සහ 68 යන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සමගින් අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.