එයාර් මාර්ෂල් අජිත් එස් බොස්ලේ යුද හමුදාපති හමුවේ

16th July 2016

මෙරටට පැමිණි ඉන්දීය ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික මූලස්ථානයේ සභාපතිවරයාගේ මාණ්ඩලික කාරක සභාවේ සහ ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික නියෝජ්‍ය ප්‍ර‍ධානි තනතුරේ කාර්ය නියුක්ත ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ( න්‍යාය, සංවිධානය හා පුහුණු ) ප්‍ර‍ධානි එයාර් මාර්ෂල් අජිත් බොස්ලේ සිකුරාදා (15 ) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. යුද හමුදාපතිතුමා විසින් හමුදා ලේකම් කාර්යාලයේ දී එයාර් මාර්ෂල් අජිත් බොස්ලේ පිළිගත් අතර, එම අවස්ථාව සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජනක වල්ගම, පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න ද එක්ව සිටියහ. මෙහිදි දේපාර්ශවයටම වැදගත් කරුණු සාකච්ජා කළ අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ එයාර් මාර්ෂල් අජිත් බොස්ලේ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.