ඇල්ල ප්‍රදේශයේ ඇති වූ තවත් ගින්නක් 112 බලසේනා භටපිරිස් මැඩපවත්වයි
13th July 2016
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනා භට පිරිස් විසින් සඳුදා (11) දින බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. 112 වන සේනාංකයේ නිලධාරියෙකු සහ සෙසු නිලයන් 45 ක් ඇතුළු 46 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාකරමින් පැය කිහිපයක් තුල දී එම ගින්න මැඩපැවැත්වීමට සමත්විය.