ඉරූ පළු දැව තොගයක් සන්නාර් ප්‍රදේශයෙන් අත්අඩංගුවට

11th July 2016

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් වන්නි සහ මඩු ප්‍රදේශයන්හි රක්ෂිත වනාන්තර තුළ සිදුවන වන විනාශය සහ නීති විරෝධී ගස් කැපීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ ප්‍ර‍තිලයක් ලෙස වව්නියාව සන්නාර් ප්‍රදේශයේ ඉරූ පළු දැව අඩි දහසක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බ්‍ර‍ස්පතින්දා (7) දින වන සංරක්ෂණ නිලධාරීන් වෙත භාර දෙන ලදී. මීට පෙර අවස්ථාවලදී ද භට පිරිස් විසින් මෙවැනි නීති විරෝධී දැව සොයා ගැනීම් පිළිබඳව කඩිනමින් වන සංරක්ෂන නිලධාරීන් හට දන්වා ඉදිරි කටයුතු සඳහා ඔවුන් වෙත භාර දීම සිදු කරනු ලැබූ අතර, වන්නි භට පිරිස් විසින් මීට පෙරද නීති විරෝධීව කපන ලද දැව තොගයන් මඩු , මන්නාරම සහ වව්නියාව යන ප්‍රදේශයන්වලින් අත්අඩංගුවට ගෙන ඇත.