SPORTEX - 2016 ප්‍රදර්ශනය සඳහා යුද හමුදාවත් එක්වේ
9th July 2016
ශ්‍රී ලංකාවේ පළමු හා විශාලතම ක්‍රීඩා ප්‍රදර්ශනය වන ජූලි මස 9 සහ 10 යන දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන SPORTEX - 2016 ප්‍රදර්ශනය සඳහා යුද හමුදාපතිගේ මඟපෙන්වීමෙන් යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලය එක් විය. ඒ අනුව යුද හමුදාව ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගැනීමට සමත් වී තිබෙන වෙඩි තැබිම් සහ දුනු විදින අංශයන්ගේ ශිල්පීයත්වය ප්‍රදර්ශනය කරන කුටියක් ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රීගේඩියර් ජී.ජේ.ඒ.ඩබ්. ගලගමගේ ගේ පූර්ණ උපදෙස් මත මෙම ප්‍රදර්ශනයට ඇතුලත් කර ඇත. මෙම ක්‍රීඩා ප්‍රදර්ශනය මඟින් නිරෝගී ජීවන රටාවක් සඳහා ක්‍රීඩාවේ සහ යෝග්‍යතාවයේ වැදගත්කම ඉස්මතු කරන ලදි. අනාගත ගණුදෙනුකරුවන්ගේ විශේෂ අදහස් ඉහළ නැංවීම සඳහා ද SPORTEX 2016 ඉවහල් වේ.