‘සුරකිමු සොඳුරු පවුල’ යනුවෙන් යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

9th July 2016

යුද හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණයෙන් පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ‘සුරකිමු සොඳුරු පවුල’ තේමාව යටතේ දිවයින පූරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, යුද හමුදාපතිගේ යෝජනාවකට අනුව එහි පළමු අදියර මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් දැනුවත් කරමින් සඳුදා (04) දින ආරම්භ කරන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ටෝච් සිනමා ශාලාවේ දී පැවති මෙම වැඩසටහනේ දේශන පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධිකරණ නිරංජලා ගුණවර්ධන මහත්මිය හා මානව හිමිකම් ප්‍ර‍වර්ධන නිලධාරී අතුල ශ්‍රී මහානාම මහතා විසින් පැවැත්විය. මෙම දේශන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් 80 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගි වූ අතර, යුද හමුදා සේවා වනිතා ඒකකය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් සහ රාජ්‍ය නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.