පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ
5th July 2016
ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් රජිල් සඳුදා (04) දින හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එම සුහඳ හමුවේ දී කර්නල් රජිල්, යුද හමුදාපති සමගින් අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව අදහස් ද හුවමාරු කර ගන්නා ලදි. මෙම සාකච්ජාව අවසානයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ කර්නල් රජිල් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
 
            
          