පළාත්බඳ පාසල් 03 ක් සඳහා රුක් රෝපන වැඩසටහන්
2nd July 2016
‘සොබා සංරක්ෂණ ව්‍යාපෘතිය’ යන තේමාව යටතේ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 බලසේනාවේ භට පිරිස් විසින් දික්වැල්ල උතුරු මධ්‍ය මහා විද්‍යාලය, පින්නදූව ජයන්ති මහා විද්‍යාලය සහ රන්දෙණිගම කනිටු විද්‍යාලය සමඟ එක්ව මේ වන විට ක්‍රියාත්මක රුක් රෝපන වැඩසටහනේ තවත් එක් අදියරක් බදාදා (29) දින ක්‍රියාත්මක කරන ලදි. පරිසර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සහ බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත් වල අලංකාර තුරුලිය සහිත වනාන්තර ප්‍රදේශ වැඩිකිරීම මඟින් පරිසර දූෂණය අඩු කිරීමේ අරමුණින් බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. ඒ අනුව මෙහි ප්‍රධාන රුක් රෝපන ව්‍යාපෘතිය ආරම්භ කරමින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී. ගුණවර්ධනගේ මගපෙන්වීම යටතේ දික්වැල්ල උතුරු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ දී පලතුරු පැළ 200 ක් රෝපනය කරන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 581 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එන්.කේ.එල්.එස්.ආර්. ඩයස් සහභාගි වූ අතර, සිසුන් හා අධ්‍යාපන, පාරිසරික, වනාන්තර යන ආයතන බලධාරීන් මෙන්ම යුද හමුදා නිලධාරින් විශාල පිරිසක් ද මීට එක්ව සිටියහ. මේ අතර, ප්‍රධාන වැඩසටහනට සමගාමිව බදාදා (29) දින 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් තවත් පළතුරු පැළ 200 ක් පින්නදූව ජයන්ති මහා විද්‍යාල පරිශ්‍රයේ දී සහ රන්දෙණිගල කනිටු විද්‍යාලයේ පරිශ්‍රයේ දී රෝපනය කිරිම සිදු කෙරිනි.
 
            
          .jpg) 
             
            .jpg) 
            .jpg)