ඇති වූ හදිසි ගිනි යුද හමුදා භට පිරිස් විසින් මැඩපවත්වයි
1st July 2016
මොණරාගල නගරයට ආසන්න අක්කර අට ප්‍රදේශයේ මරගල කඳුවැටියේ බ්‍රහස්පතින්දා (28) දින ඇති වූ හදිසි ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනා සෙබලුන් විසින් මැඩපවත්වන ලදි. එහිදී මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 121 බලසේනාවෙහි බලසේනාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම බලසේනාවේ 31 දෙනෙකුගෙන් සමන්විත භට පිරිස් කණ්ඩායමක් විසින් වහා ක්‍රියාත්මක වී එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ක්‍රියා කරනු ලැබීය. ඒ අනුව යුද හමුදා භට පිරිස් විසින් ප්‍රදේශයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සිවිල් වැසියන්ගේ ද සහය ඇතිව පැය කිහිපයක් ඇතුලත එම ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වන ලදි. මෙයට අමතරව, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේම භට පිරිස් විසින් පසුගිය සිකුරාදා (01) දින වැලිමඩ, ලද්දුගම පරෙවියන්ගල කඳුවැටියේ ඇති වූ හදිසි ගින්න ද මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. ඒ අනුව 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නිලධාරියෙකු සහ සෙසු නිලයින් 10 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැය කිහිපයක් තුල දී ප්‍රදේශවාසීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
 
            
           
             
             
             
             
             
             
            