පිපිරීමෙන් හානි වූ කොස්ගම ‘විරු කැකුලු ’පෙර පාසල යලි විවෘත වේ

1st July 2016

පසුගියදා කොස්ගම පතොරම් ගබඩාවෙහි පිපිරීමේන් හානි වූ කොස්ගම රණවිරු ගම්මානයෙහි පිහිටා ඇති ‘විරු කැකුලු’ පෙර පාසල භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඩබ් එඩීමා සහ ප්‍ර‍ධාන ක්ෂේත්‍ර‍ ඉංජිනේරු මේජර් ජෙනරාල් ජී.ඩී කරුණාරත්නගේ මූලිකත්වයෙන් හමුදා සෙබලුන් විසින් අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව සඳුදා (27) දින යලි විවෘත කරනු ලැබීය. මීට සති කිහිපයකට පෙර කොස්ගම පතොරම් ගබඩාවේ ඇති වූ පිපිරීම හේතුවෙන් විරු කැකුලු පෙර පාසලෙහි බොහෝ සම්පත් ප්‍ර‍මාණයක් විනාශයට පත් විය. පෙර පාසල විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ දෙමව්පියන් සහභාගි වූහ