යුද හමුදා රගර් කණ්ඩායම සඳහා සිව්වන වරටත් එටිසලාට් අනුග්‍රහය
30th June 2016
ඉදිරියේදී පැවැත්වීමට නියමිත රගර් තරඟාවලිය 2016/2017 සඳහා ඉතා ඉහල මට්ටමේ පුද්ගලික ආයතනයක් වන එටිසලාට් පුද්ගලික ආයතනයේ අනුග්‍රහය ලැබී ඇති අතර, එම රගර් තරඟාවලිය සඳහා අනුග්‍රහය දක්වන එටිසලාට් පුද්ගලික ආයතනය සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අතර (29) දින උදෑසන අදාල ගිවිසුම අත්සන් කිරීම සිදු කරනු ලැබීය. යුද හමුදාපති කාර්යාලයේ පැවති එම අවස්ථාව සඳහා එටිසලාට් පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වයිල් සල්මන් මහතා, ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මූල්‍ය රියාස් රෂීඩ් මහතා සහ ප්‍රධාන වානිජ නිලධාරී යෂීර් අබෝලමයිම් මහතා සහභාගි වූහ. යුද හමුදා රගර් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චි සහ එටිසලාට් පුද්ගලක ආයතනයේ ප්‍රධාන වානිජ නිලධාරී යෂීර් අබෝලමයිම් මහතා අතර එම ගිවිසුම අත්සන් කරනු ලැබීය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් යුද හමුදා රගර් කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු තබමින් නොකඩවා සිව්වන වරටත් ලබා දෙනු ලැබූ අනුග්‍රහය පිළිබඳව එටිසලාට් පුද්ගලික ආයතනය වෙත සිය ස්තුතිය පිරිනමනු ලැබීය. අනතුරුව යුද හමුදාපතිතුමා විසින් එටිසලාට් පුද්ගලික ආයතනය යුද හමුදා රගර් ක්‍රීඩාව සඳහා දක්වන අනුග්‍රහය සිහිපත් කරමින් ඔවුන් වෙත සමරු තිළිණයන් ද ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා, යුද හමුදා රගර් කමිටුවේ ලේකම් ලුතිතන් කර්නල් භාතිය ජයවීර සහභාගි විය.
 
            
          .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg)