කොස්ගම විපතට පත්වූවන් සඳහා භාවනා මධ්‍යස්ථානයෙන් අත්‍යවශ්‍ය ද්‍ර‍ව්‍ය

28th June 2016

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධතාවයෙන් තලවතුගොඩ පිහිටි ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා - ඩුබායි භාවනා මධ්‍යස්ථානය එක්ව කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් පවුල් 200 ක් සඳහා වියළි සලාක, ඇදුම් සහ සනීපාරක්ෂක ද්‍ර‍ව්‍ය බෙදා දීම කොස්ගම ධාතුරුගොඩ දී සඳුදා (27) දින සිදු කරන ලදී. යුද හමුදාපති සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් හේමන්ත පෙරේරා විසින් වැඩි වශයෙන් විපට පත් වූවන් පහළ කොස්ගම ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත එක් රැස් කර මෙම සහන ද්‍ර‍ව්‍ය බෙදා දීම සිදු කළ අතර, ඒ සඳහා පූජ්‍ය මීරහවත්තේ පඤ්ඤසීල හිමි සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහභාගී විය. සඳුදා පස්වරුව වන විට යුද හමුදා භට පිරිස් විසින් කොස්ගම පිහිටි හානියට පත් වූ නිවාස 556 ක් මේ වන විට නැවත ප්‍ර‍තිසංස්කරණය කර ඇත. යුද හමුදා භට පිරිස් කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශයන්හි නැවතගොඩනැගීමේ සහ සහන සැපයීමේ ව්‍යාපෘතිවල තවදුරටත් නිරතුරුව යෙදෙමින් සිටින අතර, සඳුදා (27) වන විට තවත් නිවාස ප්‍ර‍මාණයක අලුත්වැඩියා කටයුතු ද ආරම්භ කර ඇත. ප්‍ර‍තිසංස්කරණය කරන ලද නිවාස 556 හිමිකරුවන් වෙත මේ වන විට භාර දී ඇත.