පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන තරඟාවලියේ ජයග්‍රාහකයින් යුද හමුදාපති හමුවේ

25th June 2016

කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී මැයි මස 11 වන දින පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන තරඟාවලිය පවත්වන ලදි. එහිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම, බිලියන්ට් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා කණ්ඩායම, කොළඹ ක්‍රීඩා සමාජය මෙන්ම රිනවුන් ක්‍රීඩා සමාජය සමඟ ද තරඟ වැදුණු යුද හමුදා කණ්ඩායම ඉහළ ලකුණු රැස් කර ගත්හ. මෙම තරඟාවලියේ දක්ෂතම ගෝල රකින්නාට හිමි කුසලානය 7 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කෝප්‍ර‍ල් ඩබ්.ජි.එන්.කේ. සිරිසේන වෙතත්, වටිනාම ක්‍රිඩකයාට හිමි කුසලානය 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ බලලත් නිලධාරි II කේ.ඩබ්.එස්.ඩි. විජේසිරි වෙතත් හිමිවිය. ඒ අනුව, පාපන්දු සම්මේලන කුසලාන අවසන් මහා තරඟයේ ශුරතාවය යුද හමුදා පාපන්දු ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදි. මෙම ජයග්‍රාහකයින් බ්‍ර‍හස්පතින්දා (23) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු අතර, ඔවුන් සමඟින් අදහස් හුවමාරු කර ගත් යුද හමුදාපතිතුමා ඔවුන් ඇගයිමට ද ලක් කරමින් සිය සුභ පැතුම් එක් කළහ.