යුද හමුදා භට පිරිස් කොස්ගම තවත් නිවාස 57 ක ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි
25th June 2016
කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීම හේතුවෙන් අලාබහානී වූ නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ත්‍රිවිධ හමුදාව විසින් ආරම්භ කළ අතර, ඒ අනුව සිකුරාදා (24) වන විට නිවාස 492 ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර තවත් නිවාස 57 ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙහිදී ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරනු ලැබූ නිවාස 492 ක් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව එම නිවාස හිමියන් වෙත භාර දෙනු ලැබූ අතර, නාවික හමුදා සෙබලුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පිරිසිදු කරනු ලැබූ ලිං 1581 ක් පානීය ජලය සඳහා සුදුසු බවද තහවුරු කරනු ලැබීය. යුද හමුදාපතිතුමා විසින් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් යුතුව හානියට පත් වූ ප්‍රදේශ කොට්ඨාශ හතරකට බෙදා ඒවායේ අණ දීම බ්‍රිගේඩියර්වරුන් යටතට පත් කරනු ලැබීය.
 
            
           
             
             
             
            