සාලාව කදවුරේ සිදු වූ පිපිරීමෙන් ආපදාවට පත් සිසුන් සඳහා යුද හමුදාවෙන් පාසල් පොත් සහ වියළි සලාක
24th June 2016
සාලාව - කොස්ගම ප්‍රදේශයේ නැවත ඉදිකිරීම් සහ සහන කටයුතුවල නිරතව සිටින යුද හමුදා භට පිරිස් විසින් කොස්ගම අකරවිට විද්‍යාලයේ සිසුන් 250 දෙනෙකු සඳහා (23) දින පෙරවරුවේ පාසල් පොත් බෙදා දීමේ සංකේතාත්මක වැඩසටහනක් එම විද්‍යාලයේ දී ක්‍රියාත්මක කරන ලදී. යුද හමුදාපතිතුමා විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ප්‍රධාන සමාරම්භක උත්සවය සඳහා සහභාගි වූ අතර, එහිදී සිසුන් 45 දෙනෙකු සඳහා පාසල් පොත් බෙදා දීම සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සීතාවක ප්‍රාදේශිය ලේකම් බණ්ඩාර මාපා මහතා, සීතාවක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.කේ දිසානායක මිය, විදුහල්පති, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ දෙමව්පියන් සහභාගි වූහ. මෙම වැඩසටහන 1 සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන් ආවරණය වන පරිදි ඔවුන්ගේ අවශ්‍යතා අනුව සැලසුම් කර ඇත. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ගේ යෝජනාවකට අනුව එම විදුහලේ සිසුන් විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙම පොත් පාර්සල් සම්පාදනය කරනු ලැබීය. මේ අතර, පරිත්‍යාගශීලීන් විසින් යුද හමුදාපතිතුමා වෙත පරිත්‍යාග කරනු ලැබූ වියළි සලාක පාර්සල් 30 ක් බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති විසින් එම ප්‍රදෙශයේ තෝරාගත් පවුල් සඳහා බෙදා දීම සිදු කරන ලදී.
 
            
          .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg)