‘රණවිරු මියැසි හරසර’ ඉදිරියේදී
17th June 2016
ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ජුලි මස 3 වන දින නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත ‘රණවිරු මියැසි හරසර’ මහා සංගීත ප්‍රසංගයේ මූල්‍ය දායකත්වය සියැට් කැළණි ජාත්‍යන්තර ටයර් පුද්ගලික සමාගම විසින් දරණ අතර, එහිදී රුපියල් මිලියනයක් ඒ සඳහා පරිත්‍යාග කරනු ලැබීය. මෙම සම්පූර්ණ වැඩසටහන සඳහා වූ මුදල් චෙක් පත සියැට් කැළණි ජාත්‍යන්තර ටයර් පුද්ගලික සමාගමේ විකුණුම්, අලෙවි සහ ක්‍රීඩා අංශයෙහි උප සභාපති රවි ඩඩ්ලානි මහතා විසින් (16) පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත භාර දෙන ලදී. ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගී ගයන මෙම ‘රණවිරු මියැසි හරසර’ ප්‍රසංගය මගින් ලැබෙන අදායම යුද හමුදා සේවා වනිතා ඒකකයේ අරමුදලට සහ දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජකයින්, රණක්ෂිතයට පත් වූ විරුවන් මෙන්ම රණවිරුවන්ගේ සුබ සාධනය සඳහා යෙදවීමට නියමිතය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් චෙක් පත ලබා දුන් රවි ඩඩ්ලානි මහතා හට සිය ස්තුතිය පිරිනැමූ අතර, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභපතිනි නයනා ද සිල්වා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගිවෙමින් මෙහිදී මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙත සිය කෘතඥතාවය පිරිනමනු ලැබීය.
 
            
          .jpg) 
            .jpg) 
            .jpg) 
            .jpg)