විදේශීය නියෝජිතයා යුද හමුදාපති හමුවේ
16th June 2016
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක රාජකීය නාවික හමුදා කපිතාන් ස්ටුවර්ට් බෝලන්ඩ් බ්‍රහස්පතින්දා (16) දින හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එම සුහද හමුවේ දී කපිතාන් ස්ටුවර්ට් බෝලන්ඩ් සහ යුද හමුදාපතිතුමා අතර අන්නොන්‍ය වැදගත්කමකින් යුත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම ද සිදුවිය. මෙම සාකච්ජාව අවසානයේ දී හොඳ හිත සහ මතකයන් සිහිගන්වමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිනි.
 
            
           
             
             
            