යුද හමුදා භට පිරිස් ලැව් ගින්න පාලනය කරයි

16th June 2016

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 112 බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත එම බලසේනා භටපිරිස් විසින් පසුගිය බදාදා (15) දින ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාවණා ගුහාව අසළ වනාන්තරයේ ඇති වූ ලැව් ගින්න මැඩපවත්වීමට කටයුතු කරන ලදි. මෙම ලැව් ගින්න නිවීම සඳහා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙක් යුහුසුළුව සිය දායකත්වය දැක්වූහ. උදෑසන 07.15 ට පමණ ආරම්භ වූ මෙම ගින්න සවස 3.00 පමණ වනවිට පාලනය කිරීමට හැකියාව ලැබුණි.