නීති විරෝධී ලෙස කපන ලද බුරුත ලී තොගයක් සොයාගනී
14th June 2016
නීති විරෝධී ලෙස දැව ජාවාරම්කරුවන් විසින් වන රක්ෂිතයන්හි සිදු කරනු ලබන දැව ජාවාරම් මර්ධනය සදහා යුද හමුදා සාමාජිකයන් විසින් රජයට සහයෝගය ලබා දෙනු ලබයි. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් සඳුදා (13) මන්නාරම පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කටයුතුවල නිරත වෙමින් සිටින අතරතුර ජාවාරම්කරුවන් විසින් අනවසරයෙන් කපන ලද බුරුත කොටං හතරක් සොයා ගනු ලැබීය. මෙ අවස්ථාවේදී භට පිරිසි විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට දැනුම් දීමෙන් පසු අදාල බුරුත කොටන් ඔවුන් වෙත භාර දෙනු ලැබීය.
 
            
          