යුද හමුදා ඉංජිනේරුවන් විසින් පුපුරාගිය සහ පුපුරානොගිය පතරොම් සුන්බුන් පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කරයි

14th June 2016

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ.එම්.ඒ.ආර්. සෙනෙවිරත්නගේ මඟපෙන්වීම මත යුද හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් පුපුරාගිය සහ පුපුරානොගිය පතරොම් සුන්බුන් පිළිබඳ සාලාව සුමේධ මහා විද්‍යාලයේ, පුවක්පිටිය දමිළ මහා විද්‍යාලයේ සහ කලුඅග්ගල ශාන්ත ජොන් බොස්කෝ විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. එහිදි ඉංජිනේරු බලසේනාවේ භටපිරිස් විසින් පාසල් සිසුන් වෙත පුපුරාගිය සහ පුපුරානොගිය පතරොම් සුන්බුන් පිළිබඳ අවබෝධය ලබාදෙමින් දිර්ඝ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (13) දින සලාව ප්‍රදේශයේ පාසල් පරිශ්‍රයේ පවත්වන ලදි. තවද එම වැඩසටහනේ දී ඉංජිනේරු භටපිරිස් විසින් දේශන කිහිපයක් සහ ක්‍රියාකාරකම් පවත්වමින් එහි විනාශකාරී ස්වභාවය හා අනාරක්ෂිත බව පිළිබඳව සිසුන් දැනුවත් කරනු ලැබුවේ සාලාව පතරොම් ගබඩාව පිපිරිමෙන් ඇති වූ සුන්බුන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි.