විපතටපත් සියලු සිසුන් සඳහා යුද හමුදාව අභ්‍යාස පොත් සහ පාසල් නිලඇඳුම් බෙදා දේ
13th June 2016
පසුගියදා සාලාව කොස්ගම කදවුරේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසැල් ළමුන් 1349 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ නිළ ඇදුම් බෙදා දීමේ සංකේතාත්මක උත්සවයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් (13) උදෑසන කලුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ දී සංවිධානය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක සහභාගි වූ අතර, සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා, හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩි.එම්.එස්.කේ. දිසානායක මෙනවිය, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් ද ඉදිරියේ සංකේතාත්මකව සිසුන් 126 දෙනෙක් සඳහා පොත් පරිත්‍යාග කිරීම මෙහි දී සිදුවිය. තවද පීඩාවට පත් සිසුන් සඳහා සහන සැපයීමේ අරමුණින් යුතුව පාසල් නිල ඇඳුම් මසාදීම ද සංකේතාත්මකව එම ස්ථානයේ දී ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන යටතේ කොස්ගම ප්‍රදේශයේ විවිධ පාසල්වලින් තවත් ප්‍රතිලාභීන් 1223 ක් සඳහා පාසල් පොත් බෙදා දීම ඔවුන්ගේ අවශ්‍යතා අනුව සිදු කරන ලද අතර, එහිදී (1) 1-5 ශ්‍රේණි (2) 6-9 ශ්‍රේණි (3) 10-13 ශ්‍රේණි ආදියේ සිසුන් ආවරනය වන පරිදි සිදු කරන ලදී. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මීට දින කිහිපයකට පෙර ගංවතුරෙන් විපතටපත් සිසුන් වෙනුවෙන් කොලොන්නාව දී දියත්කළ නොමිලේ නිලඇඳුම් මසාදීමේ ව්‍යාපෘතියට මෙන්ම මෙහිදී ද යුද හමුදා රණවිරු ඇපරල්ස් වෘත්තිකයන් විසින් නොමිලේ පාසල් නිල ඇඳුම් මැසීම සඳහා ස්වේච්ජාවෙන් ඉදිරිපත් වී ඇත.
 
            
           
             
             
             
             
            