සුන්බුන් ඉවත් කිරීම කටයුතු සහ වෛද්‍ය සායනයක් රණවිරු ගම්මානයේ දී

9th June 2016

යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පිඩාවට පත් සාලාව රණවිරු ගම්මානයේ වැසියන් වෙනුවෙන් බදාදා (08) දින හදිසි වෛද්‍ය සායනයක් පවත්වන ලදි. විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් යුත් මෙම වෛද්‍ය කණ්ඩායම විසින් පැවැත් වූ එම සායනයේ දී ආබාධිත තත්වයට පත් රණවිරු ගම්මානයේ පදිංචිකරුවන් පරීක්ෂා කරන ලදි. එමෙන්ම, දෙවන දිනයේදීත් යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ වෙනත් ස්වේච්ජාවෙන් ඉදිරිපත්වූවන් සියගණනක් ප්‍ර‍ධාන මාර්ගය දෙපස පිහිටා ඇති නිවාස පෙළ ඇතුලු සාලාව යුද හමුදා කඳවුර අවට පරිසරය පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන ලද අතර, එහිදීම යුද හමුදා ඉංජිනේරුවන්ගේ මුලිකත්වයෙන් සැදුම්ලත් භට පිරිස් කණ්ඩායමක් විසින් මුළු ප්‍රදේශයම ආවරනයවන පරිදි ඇගයීම් ඇස්තමේන්තු ලබා ගැනීම ද සිදුකෙරිනි.