යුද හමුදා කාන්තා සෙබලියන් සහ පුනරුත්තාපනය වූ එල්ටීටීඊ කාන්තා සාමාජිකයින් අතර හමුවක්

8th June 2016

පුනරුත්තාපනය කිරීමෙන් පසු යාපන ප්‍රදේශයේ වෙසෙන හිටපු එල්ටීටීඊ කාන්තාවන්ගේ සමාජ වර්ධනය සහ ආර්ථිකය දියුණු කිරීමේ අදිටනින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරනු ලැබූ සමාජ ආරථික සුබසාධන සම්බන්ධීකරණ වැඩමුළුවෙහි දෙවන අදියර සෙනසුරාදා (4) කෝපායි ක්‍රිස්ටියන් විද්‍යාලයේ දී පවත්වනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබූ මෙම වැඩමුළුව මගින් පුනරුත්තාපනය වූ කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව විමසීම සහ ඔවුන්ගේ සමාජ වර්ධනය සහ ආර්ථික දියුණුව පිළිබඳව සොයා බැලීම සිදු විය. මීට පෙරද යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්වීම යටතේ පැවති එවැනි වැඩසටහන්තුලින් දෙමළ කතා කරන යුද හමුදා කාන්තා සෙබලියන් විසින් විවිධ කරුණු ඔස්සේ ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීම තුලින් අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය වර්ධනය කිරීමට දායක විය. මෙම හමුව සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, සමාජ ආර්ථික සුබසාධන සම්බන්ධීකරණ නිලධාරී, 7 වන ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ දෙවන අණ දෙන නිලධාරීනි මේජර් ක්‍රිෂානි අබේවික්‍ර‍ම, කාන්තා උපදේශණ නිලධාරීන් මෙන්ම කාන්තා සෙබලියන් බොහෝ පිරිසක් සහභාගි වූහ. යුද හමුදා කානත් සෙබලියන් විසින් එම වැඩසටහන අවසානයේ දී එළවළු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍ර‍ව්‍ය අඩංගු පාර්සල් බෙදා දීම සිදු විය.