ත්‍රිවිධ හමුදා නිනොනො භට පිරිස් නීත්‍යානුකුලව සේවයෙන් අස්කිරීම
8th June 2016
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණි සිටින අයවලුන් සේවයෙන් නීත්‍යාකූලව ඉවත් කිරීම සඳහා ජුනි මස 13 සිට ජුලි මස 13 වන දින දක්වා පොදු සමා කාල සීමාවක් ලබාදීම සැබදිව පැවති මාධ්‍ය සාකච්ඡාව ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් (7) උදෑසන කොළඹ 03 රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී පවත්වනු ලැබීය. ඒ අනුව (අ) නිනොනො කාලසීමාව මාස 03 ට වැඩි අයවලුන් හට (ආ) නිනොනො කාලසීමාව මාස 03 ට අඩු දින 21 වැඩි අයවලුන් හට (ඇ) නිනොනොව සිටින නිලධාරීන් හට (ඈ) අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් නිනොනොව සිටින අයවලුන් හට (ඉ) ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් තුවාල ලබා නිනොනොව සිටින අයවලුන් හට යනුවෙන් අංශයන් කිහිපයක් යටතේ නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමේ කටයුතු සිදුකර ගත හැක. නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවන අයවලුන් ඒ සඳහා සේවා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, බැංකු ගිණුමට අදාල පාස් පොතෙහි ජායා පිටපත් රැගෙන තමා අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත වාර්ත කළයුතු වේ. කෙසේ නමුත් මේ සබැඳිව වැඩි විස්තර ඔවුන් අදාල රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් හෝ පෙර රාජකාරි කළ ස්ථානවලින් ලබාගත හැක.
 
            
           
             
            