කොස්ගම සාලාව ප්ර දේශයේ විනාශවු නිවාස අලුත්වැඩියාව යුද හමුදාව භාරගනි

7th June 2016

කොස්ගම සාලාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා පතරොම් ගබඩාව පිපිරිමෙන් කදවුර අවට වැසියන්ගේ දේපලවලට සිදුවි තිබෙන හානිය ඇස්තමේන්තු ගත කිරිමේ කටයුතු, නැවත ඉදිකිරිම්, ළිං පිරිසිදු කිරිම හා පිපිරිමෙන් පසු ඉතිරි වු සුන්බුන් ඉවත් කිරිම ඇතුළු ව්‍යාපෘති රැසක් යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අද (7) දා ආරම්භ විය. ඒ සදහා යුද හමුදා ඉංජිනේරු සේවා බලකාය, යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුව, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාවල සමාජිකයන් සහභාගි වු අතර ඒ සදහා ශ්‍රී ලංකා නාවික හමුදා භඨ පිරිස්, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ සහාය ද හිමිවිය. අද උදෑසන සිට ආරම්භ වු මෙම කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍ර‍ධාන ක්ෂේත්‍ර‍ ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජය කරුණාරත්න සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර් පෙරමුනේ සමග 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුලු ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් 05 ක් මගින් සිදුකරනු ලබන අතර, මෙම ඇස්තමේන්තු ගත කිරිම අලාභහානි වු නිවාස හා දේපල හිමිකරුවන් අදාල ස්ථානවලට ගෙන්විමෙන් පසු සිදුකිරිම විශේෂත්වයකි. ඇස්තමේන්තු ගත කල නිවාස 02 ක අලුත්වැඩියා කටයුතු මේවන විට ආරම්භ කර ඇති අතර, පුද්ගලික වාහනවලට සිදුවි ඇති හානිය ඇස්තමේන්තු ගත කිරිම ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භඨ පිරිස් විසින් සිදුකරනු ලබයි. මේ අතර, එම කදවුර අවට ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට තාවකාලිකව තම නිවාස වලින් ඉවත්ව කොස්ගම බොරලුගොඩ විහාරස්ථානය, කලුඅග්ගල දොන් බොස්කෝ මහා විද්‍යාලය, පාදුක්ක ශ්‍රී රාජමහා විහාරය, බොල්පරාව අකරවිට මහ විද්‍යාලය, කිරිවන්දවල පිරිවෙන සහ කනන්පැලල්ල විහාරස්ථානය ආදි ස්ථානයන්හි තාවකාලිකව නවාතැන් ගෙන සිටින ජනතාවට පිසින ලද දිවා සහ රාත්‍රි ආහාර බෙදා දිමද යුද්ධ හමුදාවෙන් සිදුකරන ලදි. ප්‍රදේශයේ අපවිත්‍ර‍ ඇති ළිං පිරිසිදු කිරිමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සිදුකරන අතර, යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් සිදුකෙරෙන මෙම කටයුතු ජනතාවගේ ඉමහත් ප්‍ර‍සාදයට ලක්ව ඇත.