ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කොස්ගම පිපිරුම් ස්ථානයෙහි සංචාරයක
7th June 2016
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (6) උදෑසන කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පතරොම් ගබඩාව තුළ ඇති වූ පිපිරීම පිළිබදව විශ්ලේෂනය කිරීමට හා සිදු වී තිබෙන හානිය නිරික්ෂණය කිරීම සඳහා එහි සංචාරයක නිරත විය. ඉරිදා (05) දින පස්වරු 5.45 ට පමණ කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පතරොම් ගබඩාව තුළ සිදු වූ පිපිරීම හේතුවෙන් හට ගත් ගින්න පැය 6 - 7 අතර කාලයක් පැවතුන අතර, ආරක්ෂක හමුදාව සහ පොලිසිය එක්ව කඩිනමින් සිවිල් වැසියන් ආරක්ෂාකාරී ස්ථාන වෙත යොමු කරලීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. එම ගින්න හේතුවෙන් එක් සෙබලෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය. එහිදී අමාත්‍ය විජේවර්ධන මහතා සහ යුද හමුදාපතිතුමා එක්ව පිපිරීම හේතුවෙන් බලපෑම් එල්ලවූ ප්‍රදේශයන්හි සහ ගොඩනැගිලි නිරීක්ෂනය කල අතර, එම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ද එක් විය.
 
            
           
             
            