ගිනි නිවන භටයින් සහ යුද හමුදා භට පිරිස් එක්ව කොස්ගම කදවුරෙහි ඇතිවූ ගින්න මැඩපවත්වමින් සිටියි
6th June 2016
කොස්ගම පිහිටි යුද හමුදා අවි ගබඩාවෙහි හදිසියෙහි ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉරිදා (5) දින රාත්‍රී 8.30 ට පමණ මාධ්‍ය වෙත අදහස් දැක්වීය. මෙම තත්වය හේතුවෙන් කොස්ගම අවිස්සාවෙල්ල මාර්ගයේ මාර්ග බාදක යොදවා ඇති අතර ගිනි නිවන භටයින් සහ යුද හමුදා භට පිරිස් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා යුහුසුලුව ක්‍රියා කරමින් සිටියි. එම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් නිශ්චිතව සොයාගෙන නොමැත.
 
            
          