ටැන්සානියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳ අධ්‍යයනයක
4th June 2016
ටැන්සානියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ විදේශීය පුහුණුවේ කොටසක් ලෙස දැනුම වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ අතර, සිකුරාදා (03) දින යුද හමුදා මූලස්ථානයට පැමිණ යුද හමුදාපති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්බන්ධීකරණයෙන් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆේස්ටෝ නේවිරෝ ඉඔමි ප්‍රමුඛ මෙම නියෝජිත පිරිස මෙරටට පැමිණි අතර, ඔවුන් සෙනසුරාදා (04) තෙක් ශ්‍රී ලංකාව තුළ රැදී සිටියි. එම නියෝජිත පිරිස සහ යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා අතර හමුදාපති කාර්යාලයේ පැවති සුහඳ හමුවේ දී අධ්‍යයනයට අදාළ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය පිළිබඳ විශේෂ අවධානයක් ද යොමු කරන ලදි. මෙම නියෝජිතයින් පිරිස නික්මයාමට පෙර යුද හමුදාපතිතුමා හා ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. ඉන්අනතුරුව, යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය භාරයන් පිළිබඳ ඉදිරිපත් කිරීමක් එම නියෝජිත පිරිස වෙත ඉදිරිපත් කළ අතර, විද්වත් සාකච්ජාවක් ද එහිදි පැවත් විය. මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් එන්.ජේ.වල්ගම, මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා, මේජර් ජෙනරාල් ජී.ඩි.අයි. කරුණාරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
            
           
             
             
             
             
             
             
             
             
             
            