පකිස්තාන යුද හමුදා කණ්ඩායම සහ 6 ශ්‍රීලයුකාබ කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ ශුරතා දිනාගනියි
4th June 2016
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනාව විසින් සංවිධානය කළ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලිය - 2016 සිකුරාදා (03) දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අවසන් වූ අතර, ඒ සඳහා සංචාරක පකිස්ථාන යුද හමුදා වොලිබෝල් කණ්ඩායම ද සහභාගී විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සහභාගි වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීම ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එච්.ඩි. මහානාද විසින් සිදු කරන ලදි. ඉන් අනතුරුව, අවසාන වොලිබෝල් තරඟය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙක සහ විනිසුරුවන් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හඳුන්වාදීම සිදුකෙරිනි. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනාවේ රෙජිමේන්තු / කාන්තා බලකාය ඇතුළු බලකාහි වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි ආසාවකින් සහ කැපවීමෙන් සඳුදා (30) ආරම්භ වූ මේ තරගාවලියට අවතීර්ණ වූ අතර, මෙහිදි පකිස්ථානු කණ්ඩායම වට 3 - 1 ක් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් පිරිමි අංශයේ ශුරතාවය හිමිකර ගනු ලැබීය. මෙම තරඟාවලියේ දී පකිස්ථානු යුද හමුදා ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සේවා බලකා කණ්ඩායම පිළිවෙලින් ශුරතාවය, පළවන අනුශුරතාවය සහ දෙවන අනුශුරතාවය හිමි කර ගන්නා ලදි. එමෙන්ම, කාන්තා වොලිබෝල් ක්‍රීඩිකාවන් අතුරින් 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම, 2 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදු සේවා බලකා කණ්ඩායම පිළිවෙලින් ශුරතාවය, පළවන අනුශුරතාවය සහ දෙවන අනුශුරතාවය හිමි කර ගන්නා ලදි. තවද, අන්තර් ඒකක දැල්පන්දු තරඟාවලිය මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (02) දින මෙම ස්ථානයේදීම පැවති අතර, එහිදි 2 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම සහ 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම පිළිවෙලින් ශුරතාවය සහ අනුශුරතාවය හිමිකර ගනු ලැබීය. ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඇතුලු සම්භාවනීය අමුත්තන් අතින් සිදුවිය. මෙහි සමාප්ති උළෙල සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් ඉර්ෂාඩ් කාන්, මහරගම ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් එරන්ද වැලිඅංග මහතා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා හිටපු නියොජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්.ඩි.එල්.පී. වික්‍රමසිංහ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එච්.ඩි. මහානාද, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ. ප්‍රේමතිලක, අධ්‍යක්ෂවරුන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම වොලිබෝල් ක්‍රීඩා ලොලීන් රැසක් සහභාගි වූහ