නීති විරෝධි ලෙස කපන ලද තවත් දැව තොගයක් යුද හමුදාවෙන් වටලයි

2nd June 2016

611 බලසේනාවේ භට පිරිස් විසින් මඩු රක්ෂිතයෙන් නීති විරෝධි ලෙස කපන ලද තවත් බුරුත කඳන් තොගයක් බදාදා (01) දින සොයාගන්නා ලදි. එම ප්‍රදේශයේ පා මුර රාජකාරියේ යෙදී​ සිටිය දී 611 බලසේනාවේ කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිසක් වෙත බුරුත කඳන් 17 ක් සමඟින් අයිතිකරුවන් නොමැති ට්‍රැක්ටරයක් සහ ටේලරයක් හමු වී ඇත. ඒ අනුව, භට පිරිස් විසින් ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු අදාල බුරුත කඳන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීම සිදුකෙරිනි. පසුගිය මාස 03 ක කාලය තුල වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් භට පිරිස් විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහාය ද ඇතිව 04 වතාවකට වැඩි වාර ගණනක් එවැනිම කොටන් තොගයන් අත්අඩංගුවට ගන්නා ලදි.