නොර්වේ විශේෂ දූත පිරිස හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති අතර හමුවක්
2nd June 2016
මෙරට සංචාරයක නිරතව සිටින නොර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ටොරේ හැට්රම් මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි නොර්වේ තානාපති කාර්යාලයේ තානාපති ටෝබියන් ගව්ස්‌ටැඩ්ස්‌ටේව්ටර් මහතා ඇතුලු විශේෂ නියෝජිත පිරිසක් බදාදා (01) දින පලාලිහි පිහිටි යාපනය ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයට පැමිණි එහි ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එම සුහද හමුවේ දී මේජර් ජෙනරාල් සේනානායක විසින් යාපනය අර්ධද්වීපයේ වර්තමාන ආරක්ෂක තත්වය පිළිබඳව, සිවිල් ජනතාව සහ යුද හමුදාව අතර පවතින සහසම්බන්ධය පිළිබඳව මෙන්ම සංහිඳියාව ආදි කරුණු පිළිබඳව යාපනය අර්ධද්වීපයේ සංචාරය කළ ටොරේ හැට්රම් මහතා සහ ටෝබියන් ගව්ස්‌ටැඩ්ස්‌ටේව්ටර් මහතා දැනුවත් කරන ලදි. තවද එහිදි මේජර් ජෙනරාල් සේනානායක විසින් ඔවුනොවුන් අතර සිදු වූ මෙම සුහඳ හමුව අවසානයේ මතකයන් සහ හොඳහිත සංකේතවත් කරමින් සමරු තිළිණ පිරිනැමිමක් ද සිදු කරන ලදි. මෙම සුහඳ සාකච්ජාවේ දී සංහිඳියාව පිළිබඳ යුද හමුදාව සිදු කරන කාර්ය භාරය පැසසුමට ලක් කළ අතර, ඔවුන් ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයෙන් නික්ම යාමට ප්‍රථම අමුත්තන්ගේ සමරු සටහන් පොතේහි සටහනක් තැබුමට ද අමතක නොකලහ.
 
            
           
             
             
             
            