වට්ටාපලෛයි කෝවිලේ උත්සවය සඳහා සහභාගිවුවන් වෙත යුද හමුදා භට පිරිස්හි සහාය
31st May 2016
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මැයි මස 22 සිට 24 දක්වා වට්ටාපලෛයි කෝවිලේ වාර්ෂිකව පවත්වන ලද වෛහාසි පොන්ගල් උත්සවය සඳහා සිය පූර්ණ දායකත්වය ලබාදෙන ලදි. ඒ අනුව මෙම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මාර්ගය දෙපස තාවකාලික පානීය ජල ටැංකි ස්ථාපිත කරමින් පානීය ජල පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් ද ලබාදුන් අතර, මෙම ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපස මාර්ගය ද ගමන් පහසුව සඳහා විවෘත කිරිම ද සිදු කෙරිනි. මෙම උත්සවයට සහභාගි වී සිටිය දී අසනීප වූ බැතිමතුන් සඳහා ජංගම වෛද්‍ය කණ්ඩායමක් විසින් සායනයක් පැවැත් වූ අතර, මෙසේ පැමිණි වයෝවෘද්ධ හා වෙහෙසකර බැතිමතුන් හට වෙහෙස නිවාගැනීම හා රාත්‍රිය ගත කිරීම පිණිස තාවකාලික කුඩාරම් ද ඉදිකරදුනි. යුද හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් සිය ජංගම වෛද්‍ය සායනය මඟින් රෝගී වූ 50 දෙනෙකුට පමණ ප්‍රථමාධාර සහ මුලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්හ. මෙම වට්ටාපලෛයි කෝවිල හින්දූන්ගේ තවත් වඩාත් වන්දනාවට ලක් වූ පූජනීය සිද්ධස්ථානයක් වන අතර, දෙවියන්ගේ බලය පිළිබඳ හින්දු බැතිමතුන් තුල විශ්වාසය ඇති ස්ථානයක් ලෙස ද මෙය සැලකේ.
 
            
           
             
            