පකිස්තාන යුද හමුදා වොලිබෝල් කණ්ඩායම පරදා ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම පහසු ජයක් ලබයි
30th May 2016
අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 29 දින පස්වරුවේ ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම හා පකිස්තාන යුද හමුදා වොලිබෝල් කණ්ඩායම අතර පැවති තරඟයේ දී 3-0 ලෙස ලකුණු සටහන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම වෙත පහසු ජයක් හිමිවිය. ත්‍රිවිධ හමුදා වොලිබෝල් ලෝලීන් බොහෝ පිරිසක් ඉදිරියේ දී පැවති මෙම මිත්‍රත්ව තරඟය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පහසු ජයක් හිමි කර ගැනීමට සමත් විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරිම සිදු කරන ලදි. මිළ තරඟය පකිස්තාන යුද හමුදා වොලිබෝල් කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා කණ්ඩායම සමඟ ජුනි 3 වන දින පැවැත්වීමට නියමිතය.
 
            
           
             
             
             
            