යුද හමුදාවේ මැදිහත්විමෙන් ගින්න මැඩපවත්වයි

30th May 2016

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ භට පිරිස් විසින් 28 දින පස්වරුවේ මහනුවර, මයිලපිටිය රණවිරු ස්මාරකයට විරුද්ධ දිශාවෙන් ඇති භුමියේ ඇති වූ හදිසි ගින්න ‍පැය කිහිපයක් ඇතුලත මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසු නිලයින් විසිදෙනෙකු මෙම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වි ගින්න පැතිරීමට තිබූ ඉඩ අහුරමින් ගිනි ගනිමින් තිබූ ගස් අතු ඇතුලු වියළි ද්‍ර‍ව්‍ය ඉවත් කිරීමට පියවර ගන්නා ලදි. මෙම ප්‍රදේශයේ ඇතැම් පිරිස් ගින්න මැඩපැවැත්වීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වූ අතර, යුද හමුදා භට පිරිස් මැදිහත්වීමෙන් එය නිවා දැමිමට හැකිවිය. 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් පැය කිහිපයක් ඇතුලත සම්පූර්ණයෙන්ම මෙම ගින්න මැඩපවත්වා ප්‍රදේශය සාමාන්‍ය තත්වයට පත්කිරීමට ක්‍රියාකලහ.