අරණායක සෝදිසි කිරීම්වල දී තවත් මළ සිරුරු හමුවේ

24th May 2016

අරණායක ප්‍රදේශයේ අතුරුදහන් වූවන් සොයා සිදු කරන සෝදිසි මෙහෙයුම්වල යෙදි සිටින යුද හමුදා භට පිරිස් සඳුදා (23) වනවිට ළමා මළ සිරුරක්, කාන්තා මළ සිරුරු 06 ක් හා පිරිමි මළ සිරුරු 17 ක් ඇතුලු මළ සිරුරු 24 ක් සොයාගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍ර‍කාශ කරන ලදි. ගංවතුර ගැලීම නතරවීමෙන් පසු ඇතිව තිබෙන පශ්චාත් ආපදා තත්වය හමුවේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම ආරම්භ කර ඇති නිසා ඔවුනට අවැසි පහුසකම් සැලසීමට අවධානයෙන් සිටින ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, අද (23) උදෑසන අදාල මෙහෙයුම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. කොළඹ ප්‍රදේශය මූලික කොට ගනිමින් පවත්වා ගෙන යන ආපදා මධ්‍යස්ථානවල සහ බුලත්කොහුපිටිය හා අරණායක ප්‍රදේශවල යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ජංගම වෛද්‍ය සායන ද පවත්වයි.