සේවා වනිතා ඒකකයෙන් ජල ගැල්මට හසුවූවන්ට පිසූ ආහාර ලබාදෙයි

20th May 2016

ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ජල ගැල්මට හසුව විපතට පත් වූ කොළඹ 10 පංචිකාවත්ත ග්‍රාම නිලධාරි වසමේ (අංක 110, 132, 150 සහ 198) සිවිල් වැසියන් වෙත බදාදා (18) දින පිසූ ආහාර පාර්සල් 1300 කට අධික ප්‍ර‍මාණයක් බෙදා දෙනු ලැබීය. විපතට පත් වූ කුඩා දරුවන් රැසක් ද ඇතුළු සිංහල, දමිල සහ මුස්ලිම් වැසියන් විශාල පිරිසක් අතර මෙම පිසූ ආහාර පාර්සල් බෙදා දෙන ලදී. යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ අදහසකට අනූව එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් මෙම අවස්ථාවට එක් වූ අතර, මරදාන අභයසිංහාරාම විහාරස්ථානයේ විහාරාධිපති දෙමලුස්සේ මේධංකර ස්වාමින් වහන්සේ සහ ග්‍රාම නිලධාරිනි ලෝචනා ජයරත්න මහත්මිය මෙම අවස්ථාව සම්බන්ධිකරණය කලහ. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් ඩී.පී වික්‍ර‍මසිංහ මහතා සහ යුද හමුදා නිලධාරින් කණ්ඩායමක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.