නිදහස් චතුරශ්‍රයේ දී ‘ ප්‍ර‍තිසංධානයේ සංස්කෘතික ප්‍ර‍සංගය’ දිග හැරේ

20th May 2016

බදාදා (18) දිනට යෙදුනු ජාතික රණවිරු සැමරුම් දිනයට’ සමගාමීව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, ඉතිහාසය, සහජීවනය, අනෝන්‍ය සුහදත්වය, දේශප්‍රේමීත්වය, කැපවීම, වීරත්වය සහ සහෝදරත්වයෙන් අනුනව සුසැදි සංස්කෘතික ප්‍ර‍සංගයක් කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විනි. මෙම වර්ණවත් උත්සව අවස්ථාව දැක බලා ගැනීම පිණිස අමාත්‍යවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, මහින්ද අමරවීර, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානි, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය සහ විදෙස් අමුත්තන් ඇතුළු තවත් ආරාධිතයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. එමෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරු සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින් ද ඔවුන්ගේ භාර්යාවන් ද ඊට එක්වූහ.