යුද හමුදාපති නියමයෙන් දැරණියගලට කඩිනමින් වෛද්‍ය කණ්ඩායමක් පිටත් කෙරේ
19th May 2016
පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් සිවිල් වැසියන් පිරිසක් අවතැන් වූ නායයාමට ලක් වූ දැරණියගල ඩෙනිස් වර්ත් වතුයාය වෙත යුද හමුදා වෛද්‍යවරයෙක් සහ හය දෙනෙකුගෙන් යුත් හෙද කණ්ඩායමක් පිටත් කර හැරීමට යුද හමුදාව පියවර ගනු ලැබීය.  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත අද (16) පෙරවරුවේ මෙම යුද හමුදා වෛද්‍ය කණ්ඩායම පිටත් කර යැවූ අතර, 583 බල සේනාවේ භට පිරිස් ආපදාවට ලක්වූවන් මුදවා ගැනීම සඳහා කඩිනම් පියවර ගෙන ඇත. නාරාහේන්පිට යුද හමුදා රෝහලේ යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යුද හමුදාපතිතුමා දුන් උපදෙස් මත මෙම වෛද්‍ය කණ්ඩායම පිටත් කොට යවා ඇත්තේ අවතැන් වූ සිවිල් වැසියන් සඳහා අවැසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම පිණිසය.  
 
            
          