යුද හමුදා භට පිරිස් 53 දෙනෙක් වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්‍රදානය කෙරේ
7th May 2016
සාලියවැව කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසල සහ ටෝකියෝ සිමෙන්ති ආයතනය ඒකාබද්ධව යුද හමුදා ගොඩනැගිලි ශිල්පීන් 53 දෙනෙක් සඳහා පවත්වනු ලැබූ වෘත්තීය නිපුණතා සහතික පාඨමාලාව - අදියර 3 හි සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය බ්‍රස්පතින්දා (5) දින ඒ වයි එස් ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යා පීඨයේ දී පවත්වනු ලැබීය. ඒ සඳහා 2016 වර්ෂයේ මුල් අඩවසර තුළ අදියර තුනක් යටතේ සෙබලුන් 56 දෙනෙකු සහභාගි වූ අතර, විශ්‍රාමයාමෙන් පසු මෙම භට පිරිස්හි අනාගතයට ප්‍රයෝජනවත් වන ලෙස මෙම පාඨමාලා පැවැත්වීය.        එම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂක  රවී ඩයස් මහතා, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශමාන්‍ය සුනිල් පී ලියනාරච්චි මහතා, කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්.වී.බී පින්නවල සහ කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි සහභාගි වූහ. ටෝකියෝ සිමෙන්ති සමගම එක්ව මෙම වැඩසටහන අදියර තුනක් යටතේ පවත්වනු ලැබීය.
 
            
           
             
             
             
            