ප්‍රංශ නියෝජිතයින් යුද හමුදාපති හමුවේ
6th May 2016
ඉන්දියාවේ පිහිටි ප්‍රංශ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක හා නාවික උපදේශක මෙන්ම බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ආරක්ෂක උපදේශක කමාන්ඩර් ලොයික් බිසෝර්ට් සමඟින් කොළඹ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි ඉසබෙලා මිස්කොට් මහත්මිය අද (04) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවූහ. ශ්‍රී ලංකාව සහ ප්‍රංශයට අදාල වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේ දී සාකච්ඡා කෙරිනි.