ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයෙහි කැමරාකරණ සහ වීඩියෝකරණ පාඨමාලාව නිමාවේ
27th April 2016
යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද හමුදා නිශ්චල ජායාරූපකරණ සහ වීඩියෝ තාක්ෂණ ශිල්පීන්ගේ වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීම උදෙසා  කැළණිය යුද හමුදා කඳවුරේ පවත්වනු ලැබූ ‘කැමරාකරණ සහ වීඩියෝකරණ පාඨමාලා අංක 13’ සඳුදා (25)  දින නිමා විය. මාසයක කාලයක් පුරා ‘නිශ්චල ඡායාරූපකරණය සහ වීඩියෝ තාක්ෂණය’ පිළිබඳව පැවති මෙම පාඨමාලාව සඳහා කැමරාකරණ සහ වීඩියෝකරණ ශිල්පයෙහි නියුතු භටයින්  33 දෙනෙකු සහභාගි වූහ. එම පාඨමාලාවේ අවසන් උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් නිශ්චල ඡායාරූපකරණය සහ වීඩියෝ තාක්ෂණයෙහි ඇති වැදගත්කම අවදාරනය කරමින් පාඨමාලාව සමාප්ති කිරීමේ අවසන් දේශනය සිදු කරනු ලැබීය.         යුද හමුදා සෙසු නිල ජායාරූප ශිල්පීන්ට රෙජිමේන්තු මට්ටමින් මාධ්‍ය රාජකාරි ඉටු කිරීමේ දී මෙම පාඨමාලාවෙන් උගත් කරුණු මනා පිටුවහලක් වනු ඇත.       එම පාඨමාලාවේ අවසන් උත්සවය සඳහා අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, පාඨමාලා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ඉසුරු සේනානායක, පාඨමාලා උපදේශක බලලත් නිලධාරී I - අයි.එන්.ජී.එස්.පී කුලරත්න සමගින් අනෙකුත් උපදේශවරුන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ. මෙම පාඨමාලාවේ දක්ෂතා දැක්වූවන් පහතින් දැක්වේ; ප්‍රථම ස්ථානය        - සාමාන්‍ය සෙබල පි.බි.ඒ.එම්. වික්‍රමසිංහ          - 7 ශ්‍රීලයුයුබ දෙවන ස්ථානය       - සාමාන්‍ය සෙබල ඒ.එස්.එස්. රුවන් කුමාර           - 18 ගරෙ තෙවන ස්ථානය      - කෝප්‍රල් එස්.කේ.ඩී නිශාන්ත                           - 1 ශ්‍රීලවියාඉ
 
            
           
             
             
             
             
             
             
            