විහාරාධිපති හිමියන්ගේ ඉල්ලිමට අනූව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් ප්‍ර‍ජා වැඩසටහනක

27th April 2016

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 122 වන බලසේනාවෙහි 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් බදාදා (20) දින කතරගම වැඩිහිටි කන්ද විහාර පරිශ්‍රයේ ශ්‍ර‍මදාන කඳවුරක් පවත්වා ඇත. වැඩිහිටිකන්ද විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් 122 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.කේ කොට්ටවත්ත හට කළ ඉල්ලීමකට අනුව මෙම ශ්‍ර‍මදාන වැඩසටහන පවත්වා ඇත. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ විහාර භූමිය වෙත සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණි අතර, ඔවුහු ඒ අවට භූමියට කුණුකසල විශාල ප්‍ර‍මාණයක් බැහැර කොට තිබු බැවින් අවට ප්‍රදේශය අපවිත්‍ර‍ව පැවතිනි. බැතිමතුන් සහ විහාර කාර්යමණ්ඩලය සහභාගීත්වයෙන් සිදු කළ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 122 බලසේනාවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි නිලධාරීන් 2 ක් සහ සෙසු නිලයින් 60 කු සහභාගි වූහ. එහි දී සෙබලුන් දැක් වූ සහයෝගය සඳහා විහාරාධිපති විසින් ස්තුතිය පිරිනමනු ලැබීය.