වන්නි 54 සහ 62 වන සේනාංක නව අවුරුදු උත්සව පවත්වයි
27th April 2016
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 වන සේනාංකය එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඩී.පී ප්‍රනාන්දු ගේ මගපෙන්වීම යටතේ  සංවිධානය කළ සිංහල සහ දමිල අලුත් අවරුදු උත්සවය ඉරිදා (24) දින තිරුකේතීශ්වරම් වැව අසල දී පැවැත්වුහ. මේ අතරතුර පදවි පරාක්‍රමපුර මහජන ක්‍රීඩාංගණයේ දී  සිකුරාදා (22) දින 17 වන ශ්‍රී ලංකා  ජාතික ආරක්ෂක බලුමුළුව නව අවුරුදු උත්සවයක් සංවිධානය කළ අතර, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ කොඩිප්පිලිගේ මගපෙන්වීම ඒ සඳහා ලැබිණි. මෙම අවස්ථා ද්විත්වයටම ඒ ඒ සේනාංක භාර සේනාංකාධිපතිවරුන් වන මේජර් ජෙනරාල් ඩබ්.ඩී.පී ප්‍රනාන්දු සහ බ්‍රිගේඩියර් ඒ.ඒ කොඩිප්පිලිගේ ආරාධනයෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවේය. මෙසේ පැවති මෙම අවුරුදු උලෙළට  කණා මුට්ටිය බිදීම,කොට්ටා පොර තරඟය, පොල් ගෑම, කඹ ඇදීම, පාපැදි ධාවන තරඟ, පොල් අතු විවීම, ග්‍රීස් ගසේ නැගීම, විවිධ ඇඳුම් තරඟය සහ නව අවුරුදු කුමරිය තේරීම වැනි සම්ප්‍රදායික සහ සංස්කෘතික අංගයන් රැසක් ඇතුලත් වූ අතර, භට පිරිස් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. මෙහි පැවති තරඟවල දී ජය ලැබූවන්ට තාග්‍ය පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තා, සේනාංකාධිපතිවරු සහ අනෙකුත් ආරාධිතයින් අතින් සිදු කෙරිණි. බල සේනාධිපතිවරු, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට එක්ව විනෝද වූහ.
 
            
           
             
             
             
             
             
             
             
             
             
             
            